Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාස්තු අයකිරීමකින් තොරව වීසා ගන්න ක්‍රමය මෙන්න
    Featured

    ගාස්තු අයකිරීමකින් තොරව වීසා ගන්න ක්‍රමය මෙන්න

    By LFNNovember 28, 2023No Comments2 Mins Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඔක්තෝබර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව 2024 වර්ෂයේ මාර්තු 31 වනදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.

    ඊට අදාළ කොන්දේසි පහතින්,

    උපුටා ගැනීම.

    01. මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත නම් කර ඇති රටවල ජාතිකයෝ සුදුසුකම් ලබති.

    02. 2024.03.31 දින දක්වා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට / නිකුත් කිරීමට යටත්ව ඉහත නම් කර ඇති ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතුවේ.

    03. මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30 ක ගාස්තු රහිත වීසා කාලසීමාවක් භුක්ති විඳිය හැකි අතර දින 30ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන දිනයේ සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම සඳහා අවසර ලබා දෙනු ලැබේ.

    04. මෙම ක්‍රමය යටතේ ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා 2024.03.31 දින තෙක් අයදුම් කළ හැක.

    05. ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය තවදුරටත් දීර්ඝ කළ නොහැකි අතර එය දින 30 ක කාලසීමාවකට පමණක් සීමාවේ. පැමිණි දින සිට දින 30 ක කාලසීමාවක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියේ කාලසීමාව 2024.03.31 දිනෙන් පසුව අවසන් වනවිට අදාළ ගාස්තු ගෙවීමට යටත්ව වීසා දීර්ඝ කිරීමක් සඳහා අයදුම් කළ හැක.

    06. මෙම සුවිශේෂී ගාස්තු රහිත වීසා ක්‍රමය ඉහත නම් කරන ලද රටවල් හත සඳහා අදාළ වන අතර අනෙක් රටවලට ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියට අදාළ වන සාමාන්‍ය නීති, රෙගුලාසි අනුගමනය කළ යුතු බව කරුණාවෙන් සළකන්න.

    උපුටා ගැනීම අවසන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.