Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාස්තු අයකිරීමකින් තොරව වීසා ගන්න ක්‍රමය මෙන්න
    Featured

    ගාස්තු අයකිරීමකින් තොරව වීසා ගන්න ක්‍රමය මෙන්න

    By LFNNovember 28, 2023No Comments2 Mins Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඔක්තෝබර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව 2024 වර්ෂයේ මාර්තු 31 වනදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.

    ඊට අදාළ කොන්දේසි පහතින්,

    උපුටා ගැනීම.

    01. මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත නම් කර ඇති රටවල ජාතිකයෝ සුදුසුකම් ලබති.

    02. 2024.03.31 දින දක්වා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට / නිකුත් කිරීමට යටත්ව ඉහත නම් කර ඇති ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතුවේ.

    03. මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30 ක ගාස්තු රහිත වීසා කාලසීමාවක් භුක්ති විඳිය හැකි අතර දින 30ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන දිනයේ සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම සඳහා අවසර ලබා දෙනු ලැබේ.

    04. මෙම ක්‍රමය යටතේ ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා 2024.03.31 දින තෙක් අයදුම් කළ හැක.

    05. ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය තවදුරටත් දීර්ඝ කළ නොහැකි අතර එය දින 30 ක කාලසීමාවකට පමණක් සීමාවේ. පැමිණි දින සිට දින 30 ක කාලසීමාවක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියේ කාලසීමාව 2024.03.31 දිනෙන් පසුව අවසන් වනවිට අදාළ ගාස්තු ගෙවීමට යටත්ව වීසා දීර්ඝ කිරීමක් සඳහා අයදුම් කළ හැක.

    06. මෙම සුවිශේෂී ගාස්තු රහිත වීසා ක්‍රමය ඉහත නම් කරන ලද රටවල් හත සඳහා අදාළ වන අතර අනෙක් රටවලට ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියට අදාළ වන සාමාන්‍ය නීති, රෙගුලාසි අනුගමනය කළ යුතු බව කරුණාවෙන් සළකන්න.

    උපුටා ගැනීම අවසන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,393 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 20250120 Views

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ…

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.