තිහාරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු අද අලුයම ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකාර වෛද්‍යවරියගේ ඥාතියෙකි.
අවිවාහකයෙකු වන 59 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකාර වෛද්‍යවරිය මෙන්ම ඇයගේ සැමියාද වෛද්‍යවරයෙකු වන අතර ඔවුන් දෙදෙනාම එහි සේවයේ නිරතව සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිට්ටඹුව පොලීසිය පවසන්නේ ඝාතනය සිදුකර ඇති බවට සැකකරන පිරිස විසින් එහි තිබූ මුදල් ද රැගෙන ගොස් ඇති බවය.
මේ අතර ඊයේ රාත්‍රියේ තිහාරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් දෙකක් ද බිඳ මුදල් සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වී තිබේ.
පොලීසිය සැකපළකරන්නේ මෙම ඝාතනය සිදුකර කණ්ඩායම විසින් එම සොරකම් ද සිදුකර ඇති බවටය.
නිට්ටඹුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.