Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෙවල් හදන්න චීනය සමඟ ගිවිසුමක් අත්සන් කරයි
    Featured

    ගෙවල් හදන්න චීනය සමඟ ගිවිසුමක් අත්සන් කරයි

    By LFNNovember 27, 2023No Comments1 Min Read23 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඩු ආදායම්ලාභීන්,කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27)අත්සන් තබා තිබේ.

    චීන රජයේ ආධාර මත මෙම නිවාස ඉදි කෙරෙයි.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතායි.

    ගිවිසුම අත්සන් තැබීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

    වසර තුනක් ඇතුලත ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරේ. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108යි.

    චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 202600 Views

    ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය…

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026

    හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.