දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලීසිය පවසයි.
සිද්ධියට මුහුණදී ඇත්තේ 08 හැවිරිදි දැරියකි.
සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුළ නිවාඩු ලබාසිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවත් දැරියගේ මව විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.