Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය

    January 24, 2026

    ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි

    January 24, 2026

    වෛද්‍ය වර්ජනය අදත්

    January 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඔස්ට්‍රේලියාව අවසන් සටනට සුදුසුකම් ලබයි
    Sport

    ඔස්ට්‍රේලියාව අවසන් සටනට සුදුසුකම් ලබයි

    By LFNNovember 17, 2023No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී ඊයේ (16) පැවැත්වුණි.

    එම තරගය කඩුලු 03ක් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

    එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය.

    නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත්විය.

    අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩේවිඩ් මිලර් සහ හෙන්රික් ක්ලාස්සන් ලකුණු 95ක සබඳතාවයක් ගොඩනගා ගත්තේය.

    ක්ලාස්සන් ලකුණු 47යි.

    දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කළේය.

    එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.

    ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    මේ අතර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන වතාවටත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය.

    මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව සහ නවසිලන්තයයි.

    එම තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

    January 23, 2026

    නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

    January 19, 2026

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

    January 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,418 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය

    January 24, 20260115 Views

    පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව…

    ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි

    January 24, 2026

    වෛද්‍ය වර්ජනය අදත්

    January 24, 2026

    මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට

    January 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.