තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) සවස කන්ටේනර් රථය නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන ඇත.
ඒ අනුව එම කන්ටේනර් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.