Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

    May 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ මෙහෙයුම
    Featured

    ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ මෙහෙයුම

    By LFNNovember 16, 2023No Comments1 Min Read87 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රිරෝද රථ රියදුරකුට පිහියෙන් ඇන ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ සිද්ධියක් වාද්දුව, තල්පිටිය, ලෝලුගස් මංකඩ මංසන්ධිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

    සැකකරු ත්‍රිරෝද රථ කුලියට ගමන්ගන්නා ස්ථානයට පැමිණ ඔහුට පානදුර පින්වත්ත ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඇත.

    පසු ව පින්වත්ත ප්‍රදේශයට යන අතරතුර එම ත්‍රිරෝද රථයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු නංවාගෙන ඇති අතර, එම තිදෙනා ද කැටුව ත්‍රිරෝද රථය පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසලට ගොස් ත්‍රිරෝද රථ රියදුරාට ත්‍රීවිල් රථයෙන් බැස යන ලෙස ඔවුන් තිදෙනා ප්‍රකාශ කොට ඇත.

    ත්‍රිරෝද රථ රියදුරු රථයෙන් බැස යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, පුද්ගලයන් තිදෙනා ගෙන් එක් අයකු ඉනෙහි සඟවා තිබූ තියුණු ආයුධයක් ගෙන ඔහුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට ඇන තුවාල සිදු කොට තිබේ.

    එයින් බියට පත්වූ ත්‍රීවිල් රථ රියදුරු ත්‍රීවිල් රථය දමා එම ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ ඥාති නිවසකට දිවගොස් තිබේ.

    ඒ අතරතුර ත්‍රීවීල් රථයේ පැමිණි පුද්ගලයන් තිදෙනා එම ත්‍රීවිල් රථය මංකොල්ල කා එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

    ත්‍රීවිල් රථ රියදුරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මෙසේ රෝහල්ගත කොට ඇත්තේ, වයස අවුරුදු 37ක වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථ රියදුරු ගේ දෙමව්පියන් පින්වත්ත පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

    May 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,898 Views
    Don't Miss

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 20250111 Views

    දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක්…

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

    May 18, 2025

    ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට

    May 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.