දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලණිගම අතර මාතර දෙස සිට කොට්ටාව දෙසට පැමිණි ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
මේ හේතුවෙන් මාතර සිට කොළඹ දෙසට පැමිණෙන සියලුම රථවාහන දොඩන්ගොඩ හුවමාරුවෙන් පිටවිය යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම රථවාහනවලට මතුගම කළුතර මාර්ගය ඔස්සේ පැමිණ ගැලණිගම හුවමාරුවෙන් නැවත අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන්කළ හැක.