Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරක වීසාවෙන් ඩුබායි යන්න ගිය කතුන් 6කට වැඩ වරදියි
    Featured

    සංචාරක වීසාවෙන් ඩුබායි යන්න ගිය කතුන් 6කට වැඩ වරදියි

    By LFNNovember 15, 2023No Comments2 Mins Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් (SMPU) කටයුතු කර තිබේ.

    පසුගිය නොවැම්බර් මස 11 වෙනි දින ඩුබායි රාජ්‍යයේ සංචාරය සඳහා යන බව පවසා දිවයිනෙන් පිටත්ව යාමට තැත්කළ කාන්තාවන් පිරිසක් පිළබඳව සැක සිතූ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසා ඇති අතර, එහිදී ඔවුන් රැකියාව සඳහා විදේශ ගතවන බව පවසා ඇත.

    ඒ අනුව නිති විරෝධී අයුරින් ඔවුන් විදේශ ගතකිරීමට තැත්කළ මාතර, වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා මිහින්තලේ, අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.

    විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අදාල ජාවාරම්කරුවන් දෙදෙනා එදිනම (2023.11.11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යාමට තැත් කළ කාන්තාවන් හට යළි විදේශ ගතවීමට නොහැකි අයුරින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීමටද කාර්යාංශය පියවර ගෙන ඇත.

    සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම අනිවාර්ය වේ. සංචාරක වීසා මගින් විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් බණ්ඩාරනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ මෙම ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය පිහිටුවා ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය යන ආයතනයන්හි නිළධාරීන්ගෙන් සමන්විත වේ.

    මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් යොමුවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබයි.

    සංචාරක වීසා මගින් විදේශ රැකියා යාමට උත්සහ කළ ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා පසුගිය සමයේදී මෙම ඒකකය මගින් නතර කිරිමට කටයුතු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 202605 Views

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩතහනම්…

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.