Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුව ඇමතිගෙන් දැඩි තීරණයක්
    Featured

    සුව ඇමතිගෙන් දැඩි තීරණයක්

    By LFNNovember 15, 2023No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ ඊයේ දින (14) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී, ඖෂධ නියාමනය, සැපයීම, බෙදහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන වල නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ජාවකදීය.

    මින් පසු ඖෂධ වල මිල තීරණය කිරීම සදහා එක් මිල තීරණය කිරීමේ කමිටුවක් (pricing committee) හරහා කටයුතු සිදු කල යුතු බවටද, අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර එමෙන්ම අමාත්‍යවරයා ව‍ශයෙන් තමන් ගෙන් වරදක් සිදු වනවා නම් එය ද, පෙන්වා දෙන ලෙසට ඉල්ලීමක් ද කල අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධයක් රජය විසින් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට තමන්ට අවශ්‍ය බවය.

    වාර්ෂිකව ඩොලර් මිලියන 500 කට අධික මුදලක් මේ සදහා වැය කරන බවත් ඊට හොදම විසදුම මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදනය කිරීම බවද පෙන්වා දුන්නේය. ‍

    රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ අවශ්‍ය නිවැරදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙසත්‍, අක්ෂි කාච, ස්ටෙන්ස්, සිලින්ජර වැනි උපකරණ කෙරෙහි ද, වැඩි අවධානයක් යොමු කරන ලෙසටද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මීට අමතරව ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අනයෝන්‍ය අවබෝධයෙන් සිදු කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අනුව අදාල පාර්ශවයන් සමග සාකච්ජා කර ක්‍රමවේදය කඩිනම් කිරීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසට ද උපදෙස් ලබා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.