Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»විදේශ ණය ප්‍රතිව්‍යුහගත නොකර කිසි දෙයක් වැඩක් නෑ – පාඨලී
    Political

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත නොකර කිසි දෙයක් වැඩක් නෑ – පාඨලී

    By LFNNovember 14, 2023Updated:November 15, 2023No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ඊට අදාළ ගිවිසුම් සඳහා ණයහිමියොත් සමග අත්සන් තැබිය යුතු බවය.

    “ඒ කටයුත්ත නොකරන තාක්කල් මේවා ඔක්කොම සිහින පමණයි. රටේ අර්බුදය හා බලනකොට, ඒ අර්බුදයෙන් ගැලවී යාම සඳහා ප්‍රමාණවත් නොවනවා පමණක් නෙවෙයි, මහජනයා අතිශයින් මුලා කරන සුළුයි. මේ දීලා තියෙන දේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවකට තියෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාවට රු. 10,000 කින් අප්‍රේල් මාසෙ ඉඳන් වැටුප්වලට දීමනාවක් එකතු වීමත්, විශ්‍රාමිකයන්ට රු. 2500 ක් එකතු වීමත් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ.”

    මෙවර අයවැය කොළඹ ඡන්ද දායකයා ඉලක්ක කර ඉදිරිපත් කර ඇත්දැයි විමසූ විට ඔහු පැවසුවේ….

    “ඇත්ත වශයෙන්ම අපි යම් යම් පියවර ගන්න කොට ඒවා ජනප්‍රිය වෙන්න පුළුවන්, මහජනයා අත්පුඩි ගහන්න පුළුවන්, කිරිබත් කන්න පුළුවන්. නමුත් පස්සේ නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඔය අධිවේගී මාර්ගවල යනකොටත් මිනිස්සු කිරිබත් කෑවා. අනේ දැන් අපිට පුළුවන් හම්බන්තොටින් දොදොල් කන්න. මාතරින් කිරිහට්ටි, හරි ආඩම්බර වුණා. හැබැයි ඒ අධිවේගී මාර්ගවලට වියදම් කරපු ණය ගෙවා ගන්න බැරුව පෙට්‍රල්, පෝලිම්වල මැරෙන්න පටන් ගත්තට පස්සේ පැය දොළහ, දාහතර ලයිට් කැපෙන කොට තමයි තේරුනේ එදා කාපු කිරිබත්වල තිබිලා තියෙන්නේ ආසනික් කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    December 14, 2025

    ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ

    December 14, 2025

    නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250122 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.