Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු සල්ලි ගැන නිවේදනයක්
    Featured

    ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු සල්ලි ගැන නිවේදනයක්

    By LFNNovember 14, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඊයේ (13) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

    මෙම වියදම් සාරාංශය ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ මුදල් වියදම් කළ ආකාරය හෙළිකරන ලෙස කළ අභියෝගයෙන් පසුවය.

    ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කරමින් ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 2,900ක මුදල වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

    එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28 කෝටි 99 ලක්ෂ අනූදහසක මුදලක් ලබාදී ඇති අතර මේ වනවිට එම මුදලෙන් රුපියල් 25 කෝටි 73 ලක්ෂ 49,179ක මුදලක් වැයකර තිබේ.

    ක්‍රීඩා අරමුදල සතුව තිබූ මුදල් ශේෂයක්ද සමගින් තවත් රුපියල් 03 කෝටි 26 ලක්ෂ 40,821ක මුදලක් ඉතිරිව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.

    මේ අතර අදාළ වියදම් සාරාංශයට අනුව පැරාලිම්පික් පදක්කම්ලාභීන්ට ත්‍යාග මුදල් ලබාදීම, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ කණ්ඩායම්වලට මූල්‍ය අනුගහය දැක්වීම, ජාතික ක්‍රීඩා අරමුදලේ වැඩසටහන් සඳහා වියදම් දැරීම සහ ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගීවූ කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම ආදි කාර්යන්වලට මෙම මුදල් වියදම්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 202605 Views

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩතහනම්…

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.