කළුතර නගර මධ්‍යයේදී ඊයේ (13) පස්වරුවේ පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක් එල්ලවී තිබේ.
කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.
ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවද අනාවරණය වී ඇත.
ඔහුගේ දෙඅත්වලට පිට ප්‍රදේශයට කඩු ප්‍රහාර 3ක් එල්ලවී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
කඩු ප්‍රහාරය එල්ලවීමත් සමග පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිවගොස් ඇති අතර එම අවස්ථාවේදී මග ඇදවැටී තිබේ.
පසුව එම ස්ථානයේ රැස්ව සිටි පිරිස එක්ව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ CCTV දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.