Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ආසියානු ශූරි තරුෂිට ජනපති ගෙන් පොරොන්දුවක්
    Political

    ආසියානු ශූරි තරුෂිට ජනපති ගෙන් පොරොන්දුවක්

    By LFNNovember 6, 2023No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් තරුෂි කරුණාරත්න, ජනාධිපතිවරයා විසින් ඊයේ (05) මහනුවර ජනාධිපති මන්දිරයේදී ඇගයීමට ලක්කෙරිණි.

    ඇගේ දක්ෂතා අගයමින් සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීම සම්බන්ධයෙන් ඇයට ස්තුතිය පළ කළේය.

    මෙරටට පත්වීම් ලද පැමිණි නව තානාපතිවරු වෙත තරුෂි හඳුන්වාදීමද ජනාධිපතිවරයා විසින් එහිදී සිදුකරනු ලැබිණි.

    තරුෂි කරුණාරත්නගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩාවල නිරත වන සිසු සිසුවියන් 76 දෙනාටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබිණි.

    මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා ඇත.

    එහිදී ඔවුන් පවසා ඇත්තේ මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවයි.

    අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළ එහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවද පවසා තිබේ.

    එසේම ක්‍රීඩා පාසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක් වෙන්කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඇයද තරුෂි සමග සුහද කථාබහක නිරත විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.