Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    December 17, 2025

    ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

    December 17, 2025

    ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ආසියානු ශූරි තරුෂිට ජනපති ගෙන් පොරොන්දුවක්
    Political

    ආසියානු ශූරි තරුෂිට ජනපති ගෙන් පොරොන්දුවක්

    By LFNNovember 6, 2023No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් තරුෂි කරුණාරත්න, ජනාධිපතිවරයා විසින් ඊයේ (05) මහනුවර ජනාධිපති මන්දිරයේදී ඇගයීමට ලක්කෙරිණි.

    ඇගේ දක්ෂතා අගයමින් සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීම සම්බන්ධයෙන් ඇයට ස්තුතිය පළ කළේය.

    මෙරටට පත්වීම් ලද පැමිණි නව තානාපතිවරු වෙත තරුෂි හඳුන්වාදීමද ජනාධිපතිවරයා විසින් එහිදී සිදුකරනු ලැබිණි.

    තරුෂි කරුණාරත්නගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩාවල නිරත වන සිසු සිසුවියන් 76 දෙනාටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබිණි.

    මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා ඇත.

    එහිදී ඔවුන් පවසා ඇත්තේ මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවයි.

    අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළ එහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවද පවසා තිබේ.

    එසේම ක්‍රීඩා පාසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක් වෙන්කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඇයද තරුෂි සමග සුහද කථාබහක නිරත විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    December 14, 2025

    ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ

    December 14, 2025

    නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    December 17, 20250116 Views

    රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් නිලාවේලි පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…

    ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

    December 17, 2025

    ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්

    December 17, 2025

    රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.