පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා පැවසීය.
උඩවලව ජලාශයේ ද වාන් දොරටු පහක් අඩිය බැගින් විවෘත කර තිබේ.
ඒ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත ව වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ අතර, අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණි සඳහා පනවා තිබු ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසු විය යුතු බව එස්.පි.සී.සුගීෂ්වර මහතා අවධාරණය කර ඇත.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රාශියක් ම පිටාර ගොස් ඇති බව වාර්තා වේ.