Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 08ක පාඩුවක්
    Featured

    ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 08ක පාඩුවක්

    By LFNNovember 4, 2023No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

    ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් මඟින් අදාළ පාඩුව සිදු ව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

    මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදු ව තිබේ.

    විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධයෙන් ගත වූ මාස අටක කාලය තුළ වැටලීම් 1,041ක් සිදු කර ඇති අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලයට හත්කෝටි හැට හතර ලක්ෂ විසි හත්දහස් හයසිය හතළිස් නවයක අලාභයක් සිදු ව ඇති බව සඳහන්ය.

    ඊට අමතර ව විදුලි රැහැන්වලට විවිධ උපකරණ සවිකර විදුලිය ලබාගැනීම් සම්බන්ධයෙන් වැටලීම් 81ක් සිදු කර ඇති අතර, ඉන් රුපියල් විසි හය ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය හතක අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    අදාළ පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ගෙන් රුපියල් තිස් හය ලක්ෂ අනූ පන්දහස් පන්සියයක මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 20250125 Views

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු…

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.