ආන්දෝලනයකට තුඩු දුන් දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.
පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිවේගී මාර්ගයේ නිලධාරීන් විසින් මෙම නඩුව පවරා තිබිණි.
අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා මෆ්පි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇත.
එහි දී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා පවසා සිටියේ, පැමිණිලිකරුවන් විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගත බවත් ඉදිරියේ දී අදාළ නිලධාරීන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවත්ය.