වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නම භාවිත කර කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ පුවත්පත්වල විවාහ මංගල දැන්වීම් පළකරන කාන්තාවන් ඉලක්ක කර ඔහු එම ජාවාරම සිදුකර ඇති බවය.
සැකකරු පුවත්පතෙහි පළකරන දුරකතන අංක ලබාගෙන නිවැසියන්ගෙන් අදාළ කාන්තාවන් පිළිබඳ විස්තර ගෙන ඔවුන්ට විවිධ අසත්‍ය චෝදනා කොට මුදල් ලබාගන්නා බවට වාර්තා වී ඇත.
එමෙන්ම ඔහුට ආධාර අනුබලදුන් කාන්තවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.