Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණයට හේතුව පිළිබඳ තවත් තොරතුරු හෙළි වේ
    Featured

    දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණයට හේතුව පිළිබඳ තවත් තොරතුරු හෙළි වේ

    By LFNNovember 2, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව පසුගිය (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත බාර දී තිබේ.

    ඒ අනුව එම විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව සහ මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

    ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බව පැවසූ මහේස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

    මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බව මසේත්‍රාත්වරිය සඳහන් කරයි.

    එම කමිටුවේ සාමාජිකයන් ගේ මතය 04ට 01ක් ලෙස සඳහන් ව තිබූ බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ පැවසීය.

    පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    මේ අතර, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණය ගැන සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මඟින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, මරණය සිදු ව ඇත්තේ, සයනයිඩ් ශරීරගත වීමකින් ද නැතහොත් ගෙල සිර කිරීමකින් ද යන්න පිළිබඳවයි.

    ඒ අනුව සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වී ඇත්තේ, ෂාෆ්ටර් මහතා රෝහල්ගත කරන විටත් ඔහු ගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වී තිබූ බවයි.

    ඒ අනුව හෘදය වස්තුව අකර්මණ්‍ය වීම සයිනයිඩ් ශරීරගත වීමෙන් සිදු ව නොමැති බවට කමිටුව නිගමනය කර තිබේ.

    අනතුරු ව ෂාෆ්ටර් මහතා ගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර ඇත්තේ, ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.

    ෂාෆ්ටර් මහතා ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්ය.

    කෙසේ වෙතත් ෂාෆ්ටර් මහතා ගේ ගෙල සිරකිරීම තන්තුවක් යොදා ගනිමින් සිදු කළේ ද නැතහොත් අතකින් සිදු කළේ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව කමිටු වාර්තාවේ දැක්වේ.

    ඒ අනුව මෙය ස්වාභාවික මරණයක් නොව තුන් වැනි පාර්ශ්වයක් විසින් සිදු කළ මරණයක් බවත් ශරීරයට ඔක්සිජන් අඩු වීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවත් කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.