ආර්ථික ප්රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් මෙන්ම පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන්ද මේ සඳහා එක්ව සිටියේය.
මෙම ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව 2022 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාකච්ඡාවට අනුව සිදුවූ අතර, ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් රජය ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් කැඳවා තිබුණි.