Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩයනා ගැන ඕශල දැන් කියන කතාව
    Featured

    ඩයනා ගැන ඕශල දැන් කියන කතාව

    By LFNNovember 1, 2023No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් ලබන සතියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි.

    ඔහු විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය ‌ඊ නිෂ්ප්‍රභ කළේය.

    එම ‍පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසකි.

    පසුගිය ජනවාරි මස 26 වැනිදා විභාගය ආරම්භ කෙරුණු මෙම රිට් පෙත්සම මාස 05කට ආසන්න කාලයක් විභාග කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අවස්ථා කිහිපයකදී කල්තැබුණි.

    ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා කියා සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන්ගේ තීන්දුව මත අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවය.

    ” මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එහෙත් පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ වගඋත්තරකාරියට එරෙහිව ඇති අපරාධ නඩුව පමණයි. ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා. සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මේවා පිළිගන්න පුළුවන් ද කියන ගැටලුව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ”

    මෙහිදි සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා මෙසේ කරුණු පැහැදිළි කළේය.

    ” මහජන සුභ සාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී සැඟවුණු දේශපාලන න්‍යාය වලින් තොරව එය ඉදිරිපත් කළ යුතුයි. එහෙත් මෙහිදී පෙනී යන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත්කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර ඇති බවයි. එබැවින් එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවේ” යැයි විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළා.

    අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ තීන්දුවට විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මියද එකඟතාවය පළ කර තිබූ අතර බෙදුනු තීන්දුවේ විසම්මුතික තීන්දුව ප්‍රකාශයට පත්කළේ විනිසුරු ඒ. මරික්කාර් මහතාය.

    ” වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටිනවා. එමෙන්ම වගඋත්තරකාරිය අධිකරණය ඉදිරියේ සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී තිබෙනවා. ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීරණය කරන මා පෙත්සම්කරු ඉල්ලා ඇති රිට් ආඥාව නිකුත් කිරීමටත්, ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවටත් තීන්දු කරනවා ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.