මීරිගම අම්බන්වත්ත ළමා නිවාසයෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව එහි පාලිකාව මීරිගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
මෙම දරුවන් සම්බන්ධව යම් තොරතුරක් ඇත්නම් දැනුම්දෙන ලෙස පොලිසීය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව දරුවන් පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 071 8591625 / 033 2273222 වෙත දැනුම්දෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කර ඇත.
පොලීසිය පවසන්නේ එම දරුවන් දෙදෙනාම අවසන් වරට පාසල් නිල ඇඳුමින් සැරසී සිට ඇති බවය.
මෙලෙස පළාගොස් ඇති බවට වාර්තාවන එක් දරුවෙකුගේ ඡායාරූපයක් ද පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
මේ අතර අම්බලන්ගොඩ මීටියාගොඩ ළමා නිවාසයෙන් පළාගොස් සිටියදී සොයාගත් දැරියන් 8දෙනෙකු ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයකට යොමුකිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
දැරියන් පොලිසියට පවසා ඇත්තේ ලැබුණු දඬුවමකට උරණවී පසුගිය 29 වැනිදා මීටියාගොඩ ළමා නිවාසයෙන් පළාගිය බවය.