Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් සැමියා සමග එක්ව සැමියාව ඝාතනය කළ බිරිඳ කොටුවෙයි
    Featured

    අනියම් සැමියා සමග එක්ව සැමියාව ඝාතනය කළ බිරිඳ කොටුවෙයි

    By LFNOctober 31, 2023No Comments1 Min Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනියම් සැමියා සමග එක්ව සිය සැමියාව මෝටර් රථයකින් හප්පා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට පත්වූ මිය ගිය පුද්ගලයාගේ බිරිඳ, ඇගේ අනියම් සැමියා සහ තවත් අයෙක් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝගය කර ඇත.

    පසුගිය ජූලි මස 27 වනදා මාවනැල්ල, ගලතර ප්‍රදේශයේ මාර්ගය අසල තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.

    එම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වු අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණි.

    ඒ අනුව මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිරුර භාරගෙන අවසන් කටයුතු සිදුකර ඇති බව ද වාර්තා වේ.

    කෙසේවෙතත් මාස තුනක් පුරා මෙම මරණය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ සිදුකර තිබුණි.

    එහිදී අනාවරණය වී තිබුණේ, මියගිය පුද්ගලයාගේ බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමග එක්ව මෝටර් රථයකින් ගොස් සැමියාව අනතුරට ලක්කර පළා ගොස් ඇති බවය.

    එම අනතුරින් 43 හැවිරිදි ගැමුණු කුමාර නැමති තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්වුණි.

    පසුව මාවනැල්ල පොලීසිය සිදුකළ විමර්ශන අනුව ඝාතනයට සම්බන්ධ බිරිඳ වන 41 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා වන හිඟුල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු හා අනතුරට ලක්කළ මෝටර් රථය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 202600 Views

    බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නැතැයි පෞද්ගලික බස් රථ…

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.