Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් සැමියා සමග එක්ව සැමියාව ඝාතනය කළ බිරිඳ කොටුවෙයි
    Featured

    අනියම් සැමියා සමග එක්ව සැමියාව ඝාතනය කළ බිරිඳ කොටුවෙයි

    By LFNOctober 31, 2023No Comments1 Min Read205 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනියම් සැමියා සමග එක්ව සිය සැමියාව මෝටර් රථයකින් හප්පා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට පත්වූ මිය ගිය පුද්ගලයාගේ බිරිඳ, ඇගේ අනියම් සැමියා සහ තවත් අයෙක් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝගය කර ඇත.

    පසුගිය ජූලි මස 27 වනදා මාවනැල්ල, ගලතර ප්‍රදේශයේ මාර්ගය අසල තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.

    එම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වු අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණි.

    ඒ අනුව මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිරුර භාරගෙන අවසන් කටයුතු සිදුකර ඇති බව ද වාර්තා වේ.

    කෙසේවෙතත් මාස තුනක් පුරා මෙම මරණය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ සිදුකර තිබුණි.

    එහිදී අනාවරණය වී තිබුණේ, මියගිය පුද්ගලයාගේ බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමග එක්ව මෝටර් රථයකින් ගොස් සැමියාව අනතුරට ලක්කර පළා ගොස් ඇති බවය.

    එම අනතුරින් 43 හැවිරිදි ගැමුණු කුමාර නැමති තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්වුණි.

    පසුව මාවනැල්ල පොලීසිය සිදුකළ විමර්ශන අනුව ඝාතනයට සම්බන්ධ බිරිඳ වන 41 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා වන හිඟුල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු හා අනතුරට ලක්කළ මෝටර් රථය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.