Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියේ තුවක්කුව උදුරන්න හැදූ සැකකරු ළඟ බෝම්බයක්
    Featured

    පොලීසියේ තුවක්කුව උදුරන්න හැදූ සැකකරු ළඟ බෝම්බයක්

    By LFNOctober 31, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට තැත්කළ අයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී ජීව අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

    පානදුර දකුණ පොලීසියට අනුයුක්ත නිලධාරීන් ජංගම මුර සංචාරයක නිරතව සිටියදී සැකකරු පිළිබඳව සැක සිතී ඔහුව පරීක්ෂා කිරීමට සූදානම් වී තිබේ.

    එම අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගනිමින් එක් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ දරා තිබේ.

    පසුව පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

    අනතුරුව සැකකරු රැඳී සිටි ස්ථානයේ විදුලි පහන් කණුවක් අසළ සඟවා තිබූ අඩි එකහමාරක් පමණ දිගැති මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුව හෙට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 20250122 Views

    ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර,…

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.