Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ නියාමන අධිකාරියේ අක්‍රමිකතා ගැන රවී කුමුදේශ් ගෙන් ප්‍රකාශයක්
    Featured

    ඖෂධ නියාමන අධිකාරියේ අක්‍රමිකතා ගැන රවී කුමුදේශ් ගෙන් ප්‍රකාශයක්

    By LFNOctober 30, 2023No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්‍රමිකතා හෙළි වන ප්‍රධානතම කරුණ වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

    ඔහු පැවසුවේ, දත්ත ගබඩාව මකා දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් තනතුරු සඳහා පත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවය.

    ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

    “ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළි වෙන පළමු වැනි තැන තමයි මේ දත්ත මකපු තැන. රජයේ අවධානය යොමු වෙලා තියෙනවාලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව අයින් කරන්න. සභාපති ඉවත් කරන්න. ඒ ගොල්ලන් ව අයින් කරලා දත්ත සොරකම සම්බන්ධයෙන් ඒ කාලයේ වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් මේකේ බලයට පත්කිරීමට. එකත් කුමන්ත්‍රණයක්. අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ආය එන්නේ මේ නඩුවට කලින් මේ නඩුවේ තියෙන කතාන්දරය යටපත් කරන්න.”

    මේ අතර, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී.මැදිවත්ත පැවසුවේ, රසායනික ද්‍රව්‍යයක පවතින හිඟයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකිරීමට සිදුව ඇති බවය.

    “මේ මොහොත වන විට ලංකාවේ ජාතික රෝහල තුළ සහ අනෙකුත් සියලු රෝහල්වලට අවශ්‍ය විශේෂයෙන්ම ශල්‍යාගාරවලට අවශ්‍ය ශල්‍ය උපකණ සහ විෂ බීජ විනශ කරන්න අවශ්‍ය පැරිසිටික් අසිඩ් රෝහල් පද්ධතිය තුළ බරපතළ ලෙස හිඟයකට ලක් වෙලා තියෙනවා. ජාතික රෝහලේ එන්ඩස්කොපි පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. මේ නිසා ශල්‍යකර්ම සීමා කරන්න වෙලා තියෙනවා”

    මෙවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ඖෂධ ගැටලුව විසඳීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 202604 Views

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු පයාගල මැටියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ…

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

    March 21, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.