ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා එරටට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එරට ක්‍රීඩාංගණවල දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් රැගෙන ආ ජාතික කොඩි ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අසල සිටි ආරක්ෂක නිලධාරීන් අවස්ථාව ලබා දී නොතිබුණු බව සඳහන්ය.
තව ද ක්‍රීඩා ලෝලින් තරගය නැරඹීමට ශ්‍රී ලංකා ජර්සිවලින් සැරසී පැමිණ සිටි අතර, එම ජර්සිවලින් සැරසී ක්‍රීඩාංගණය තුළට ඇතුළු විය නොහැකි බව ද ආරක්ෂක නිලධාරීන් දන්වා සිටීමත් සමඟ ක්‍රීඩාලෝලීන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හටගත් බව ද වාර්තා වේ.