Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලය මර්දනයට නව වැඩපිළිවෙළක්
    Featured

    පාතාලය මර්දනයට නව වැඩපිළිවෙළක්

    By LFNOctober 30, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    ඊයේ (29) කොළඹ පැවති උත්සවයක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, බන්ධනාගාරගත රැඳවියෙක් දැනුම් දී ඇති පරිදි යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි විමර්ශන මඟින් මේ වන විටත් අනාවරණ වී ඇති බවය.

    “පසුගිය දවසක අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා.

    ලොකු ප්‍රචාරයක් යනවා මේ පාතාල අපරාධ සම්බන්ධයෙන්. විශේෂයෙන් දකුණු පළාත ඒ වගේම බස්නාහිර පළාතෙත් සමහර තැන්වල. සන්නද්ධ අපරාධකරුවෝ. එහෙම නැති නම් තුවක්කුකරුවෝ වෙඩි තියලා පුද්ගලයෝ ඝාතනය කරනවා. මේවා ඔක්කෝම මෙහෙයවන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවෝ.

    ඉතාම ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ සම්පූර්ණයෙන්ම මේ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන යනවා.

    ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා කප්පම් ගන්න කට්ටිය ඉන්නවා. ඒ අය ගැන තොරතුරු දන්නවා නම් සම්පත් දායකයෙකු ලෙස පොලීසියට සහයෝගය ලබාදෙන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.