Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලය මර්දනයට නව වැඩපිළිවෙළක්
    Featured

    පාතාලය මර්දනයට නව වැඩපිළිවෙළක්

    By LFNOctober 30, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    ඊයේ (29) කොළඹ පැවති උත්සවයක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, බන්ධනාගාරගත රැඳවියෙක් දැනුම් දී ඇති පරිදි යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි විමර්ශන මඟින් මේ වන විටත් අනාවරණ වී ඇති බවය.

    “පසුගිය දවසක අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා.

    ලොකු ප්‍රචාරයක් යනවා මේ පාතාල අපරාධ සම්බන්ධයෙන්. විශේෂයෙන් දකුණු පළාත ඒ වගේම බස්නාහිර පළාතෙත් සමහර තැන්වල. සන්නද්ධ අපරාධකරුවෝ. එහෙම නැති නම් තුවක්කුකරුවෝ වෙඩි තියලා පුද්ගලයෝ ඝාතනය කරනවා. මේවා ඔක්කෝම මෙහෙයවන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවෝ.

    ඉතාම ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ සම්පූර්ණයෙන්ම මේ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන යනවා.

    ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා කප්පම් ගන්න කට්ටිය ඉන්නවා. ඒ අය ගැන තොරතුරු දන්නවා නම් සම්පත් දායකයෙකු ලෙස පොලීසියට සහයෝගය ලබාදෙන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.