Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්
    Featured

    අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

    By LFNOctober 29, 2023No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය.

    කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා රත්නායක මහත්මිය සාත්තු සේවිකාවක ලෙස ඊශ්‍රායලය බලා යන්නේ 2013 වසරේදීය.

    ඇය මෙම සිද්ධියට මුහුණදෙන විට සේවය කරමින් තිබුණේ, ගාසා සහ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයකය.

    පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් කෘෂිකාර්මික ගම්මානයක් වූ මෙම ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනු ලැබීය.

    එම ප්‍රහාරයෙන් අනතුරුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන් බව වාර්තා වුණි.

    ඇය මියගිය බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය තහවුරු කළේ ඉන් දින කිහිපයකට පසුව ය.

    මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක මහත්මිය දෙදරු මවකි.

    ඊශ්‍රායල අධිකරණ වෛද්‍යවරුන් ඇයගේ ඥාතීන්ගෙන් DNA පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටියේ, දේහය ඇයගේම දැයි තහවුරු කරගැනීම සඳහාය.

    පසුව ඇයගේ දේහය, ඥාතීන් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හඳුනාගත්තේය.

    අනුලා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදුකිරීම ඊශ්‍රායලයේ දී ද සිදුකෙරුණි.

    එම අවස්ථාවට ඇය රැකබලා ගත් ඊශ්‍රායල කාන්තාව ද එක්වී සිටීයාය.

    ඊශ්‍රාලයේදී අනුලා මහත්මිය සාත්තු කළ එටී මොරාඩෝ අනුලාගේ මරණය පිළිබඳ සංවේදී වෙමින් පවසා ඇත්තේ, ඇස් නොපෙනෙන තමන්ට අනුලා ඇසක් වූ බවය.

    ‍ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමට කටයුතු කළේ ඉන් අනතුරුවය.

    ඒ අනුව ඇයගේ දේහය ඊශ්‍රායලයේ සිට ඊයේ උදෑසන 9.45 ට පමණ මෙරටට රැගෙන ආවේය.

    මේ අවස්ථාවට අනුලා මහත්මියගේ ස්වාමි පුරුෂයා, දියණිය, පුත්‍රයා සහ ඥාතීන් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද පැමිණ තිබුණි.

    අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ දහවල් පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබුණි.

    දේහය ඊ රාත්‍රියේ කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතය.

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

    “ඇය තමන් භාරයේ සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවගේ ජීවිතය බේරලා ඇයව ඇඳ ඇතුළට යවලා.. සිද්ධවෙච්ච දේ බලන්න එළියට ඇවිත්. ඒ වෙලාවේ තමයි ඇයගේ නහය හරහා වෙඩිල්ලක් ගොස් ඇය මියගිහින් තිබුණේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.