Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්
    Featured

    අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

    By LFNOctober 29, 2023No Comments2 Mins Read225 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය.

    කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා රත්නායක මහත්මිය සාත්තු සේවිකාවක ලෙස ඊශ්‍රායලය බලා යන්නේ 2013 වසරේදීය.

    ඇය මෙම සිද්ධියට මුහුණදෙන විට සේවය කරමින් තිබුණේ, ගාසා සහ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයකය.

    පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් කෘෂිකාර්මික ගම්මානයක් වූ මෙම ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනු ලැබීය.

    එම ප්‍රහාරයෙන් අනතුරුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන් බව වාර්තා වුණි.

    ඇය මියගිය බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය තහවුරු කළේ ඉන් දින කිහිපයකට පසුව ය.

    මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක මහත්මිය දෙදරු මවකි.

    ඊශ්‍රායල අධිකරණ වෛද්‍යවරුන් ඇයගේ ඥාතීන්ගෙන් DNA පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටියේ, දේහය ඇයගේම දැයි තහවුරු කරගැනීම සඳහාය.

    පසුව ඇයගේ දේහය, ඥාතීන් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හඳුනාගත්තේය.

    අනුලා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදුකිරීම ඊශ්‍රායලයේ දී ද සිදුකෙරුණි.

    එම අවස්ථාවට ඇය රැකබලා ගත් ඊශ්‍රායල කාන්තාව ද එක්වී සිටීයාය.

    ඊශ්‍රාලයේදී අනුලා මහත්මිය සාත්තු කළ එටී මොරාඩෝ අනුලාගේ මරණය පිළිබඳ සංවේදී වෙමින් පවසා ඇත්තේ, ඇස් නොපෙනෙන තමන්ට අනුලා ඇසක් වූ බවය.

    ‍ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමට කටයුතු කළේ ඉන් අනතුරුවය.

    ඒ අනුව ඇයගේ දේහය ඊශ්‍රායලයේ සිට ඊයේ උදෑසන 9.45 ට පමණ මෙරටට රැගෙන ආවේය.

    මේ අවස්ථාවට අනුලා මහත්මියගේ ස්වාමි පුරුෂයා, දියණිය, පුත්‍රයා සහ ඥාතීන් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද පැමිණ තිබුණි.

    අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ දහවල් පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබුණි.

    දේහය ඊ රාත්‍රියේ කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතය.

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

    “ඇය තමන් භාරයේ සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවගේ ජීවිතය බේරලා ඇයව ඇඳ ඇතුළට යවලා.. සිද්ධවෙච්ච දේ බලන්න එළියට ඇවිත්. ඒ වෙලාවේ තමයි ඇයගේ නහය හරහා වෙඩිල්ලක් ගොස් ඇය මියගිහින් තිබුණේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.