හරක් කටා හා කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමේ මෙහෙයුම සැලසුම් කළ මිදිගම චූටි නැමැත්තා, ඒ සඳහා සූදානම් කර සිටි කමාන්ඩෝ භටයන් දෙදෙනා කලක පටන් දැන සිටි බව විමර්ශනයේ දී හෙළි වී තිබේ.
එම ක්‍රියාන්විතය පිළිබඳ කුඩු සළිඳු දැන සිට නොමැති බව පොලිසිය සැකකරයි.
හරක් කටාට ද ක්‍රියාන්විතය පිළිබඳ දැනුම් දී ඇත්තේ, ඔහු ගේ සුවදුක් විමසීමට පැමිණෙන ඥාතීන් හරහා බවටත් පොලිසිය සැක පළ කරයි
මේ අතර, හරක් කටා අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් අයදුම්පතේ දිවුරුම් ප්‍රකාශයට ඔහු ගේ අත්සන ලබා ගැනීමට අදම අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
හරක් කටා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඬුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ පවසා ඇත්තේ, සැකකරු රඳවා සිටින අංශයේ පොලිස් නිලධාරින් හරක් කටාට කෑම පාර්සලයක් ලබා දීමට පවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකරන්නේ යැයි තොරතුරු ලැබෙන බවයි.