නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වතුයායේ පදිංචි ව සිටි පාසල් සිසුන් තිදෙනෙක් පසුගිය (26) සිට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
වතුයායේ පිහිටි දමිළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් තිදෙනා ඊයේ පෙරවරුවේ පාසල් යන බව පවසා නිවසින් පිට ව ඇති අතර, ඔවුන් පාසලට නොගොස් නල්ලතන්නිය නගරයට පැමිණ ආපණ ශාලාවකින් ආහාර ගෙන පිට ව ගොස් තිබේ.
ජල නලයක් කඩා දැමීම සම්බන්ධයෙන් මව්පියන් බැන වැදීමක් සිදු කර ඇති අතර, ඒ හේතුවෙන් මෙම සිසුන් තිදෙනා නිවෙස්වලින් පැනගොස් සැඟ ව සිටින බවට නල්ලතන්නිය පොලීසිය සැක පළ කරයි.
සිසුන් සොයා නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.