Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක්
    Featured

    ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක්

    By LFNOctober 27, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2024 වාර්ෂික සමුළුව සහ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය අහිමිවීමේ අවදානමක් මතුවී තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලිපියක් යොමු කරමින් මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සමුළුව සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවය.

    2024 වසරේ වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2026 වසරේ විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2027 වසරේ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ මූලික සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

    එම තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නම් ඡන්දයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම්වලින් තොර සහායෝගයක් රජයෙන් ලැබෙන බව තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යොමු කළ ලිපියේ සඳහන් ය.

    ක්‍රිඩා අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එවැනි බලපෑම් ඇතිවිය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම්දී තිබුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ඒ සම්බන්ධයෙන් ලැබෙන සහතිකය මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් අදාළ ලිපියේ දැක්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.