ගලේවල – කුරුණෑගල ප්රධාන මාර්ගයේ බෙලිගමුව වත්ත, ප්රදේශයේ ගොවිපොළක රාත්රී කිරි අලෙවි සැලකට හොරු කණ්ඩායමක් ඇතුළු වී ඇති අතර එහි සිට මුරකරුගේ අතපය සහ කට ගැට ගසා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
එම සොරු කණ්ඩායම විසින් ඊයේ (25) රාත්රියේ අලෙවි සැලට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ කිහිපයක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කේ. ස්වාමිනාදන් නැමති අවුරුදු 52ක තිදරු පියෙක් බවට අනාවරණය වී තිබේ.
අද (26) උදෑසන මුරකරුට ආහාර රැගෙන විත් ඇති කාන්තාවක් විසින් මෙම ඝාතනය දැක ඇති අතර, පසුව පොලීසියට දන්වා ඇත.
අදාළ ප්රදේශයේ වතු කම්කරුවන් 80ක් පමණ සේවය කරන අතර, මෙම සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි කම්පනයට පත්ව නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.
මීට පෙර අවස්ථා තුනක දී අදාළ අලෙවි සැල සොරුන් විසින් කඩා ඇති අතර, එයට බලධාරීන් විසින් නිසි පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ.
ගලේවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.