Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ රත්කළ නාකොටික් මෙහෙයුමේ අලුත්ම කතාව
    Featured

    කොළඹ රත්කළ නාකොටික් මෙහෙයුමේ අලුත්ම කතාව

    By LFNOctober 25, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ පහකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ආධාර අනුබල දුන් එහි සේවකයන් දෙදෙනෙකු හා ඒවා මෙරටට ගෙන් වූ ප්‍රධාන ජාවාරම්කරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ දහවල් අත්අඩංගුවට ගත්තේය.

    එහිදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට පොලීසියට සිදුවුණි.

    මධ්‍යම තැපැල් හුවමාරුවට පසුගිය 21 වනදා විදෙස් රටකින් පැමිණි සැක කටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව අදාළ පාර්සලය සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටි විමර්ශන නිලධාරීන්ට අද තොරතුරක් ලැබී තිබුණේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් දෙදෙනෙකු විසින් එම පාර්සලය පිටතට රැගෙන යාමට සූදානමින් සිටින බවටය.

    ඒ අනුව BMW වර්ගයේ මෝටර් රථයකින් පළායමින් සිටි ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සමත් වුණි.

    එහිදී අත්වැරදීමකින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ද ක්‍රියාත්මක වී තිබුණි.

    එය අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

    අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිරෝද රථයකින් රැගෙනගොස් තිබේ.

    ප්‍රධාන සැකකරු ගමන් කරමින් සිටි මෝටර් රථයද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

    මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මත්ද්‍රව්‍ය පාර්සල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් මේවන විට හෙළිදරව් වී ඇති තොරතුරු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 20250120 Views

    තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ…

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.