Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    June 21, 2025

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ඩොලර් මිලියන 100ක්
    Featured

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ඩොලර් මිලියන 100ක්

    By LFNOctober 24, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 165ක මූල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය විසින් “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

    එසේම බැංකු විසින් මුදල් ප්‍රවාහය මත පදනම් වූ ණය ලබාදීම්වලට වඩා ඇපකර මත පදනම් වූ ණය ලබාදීමට ප්‍රමුඛතාව දැක්වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මුල්‍ය ව්‍යාපෘතිය යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව එම ණය මුදල ලබාගැනීම සඳහා ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    June 21, 2025

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 20250124 Views

    ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට…

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    June 21, 2025

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.