Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය
    Featured

    මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය

    By LFNOctober 24, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක කලාපවලට සහ පිටස්තර ප්‍රදේශවලට නිකුත් කර තිබෙන මෘදු මත්පැන් බලපත්‍ර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව අද (24) දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (23) පාර්ශවකරුවන්ට දැනුම් දුනි.

    ශ්‍රී ලංකා රට බීම හල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් ගොනුකළ රිට් පෙත්සම් ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් යෝජිත බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුකූලව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශ මත සංචාරක කලාපයට පමණක් නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ නම් එම කරුණ මත මෙම නඩුකරය සමථයකට පත්කර ගැනීමට තම පාර්ශ්වය සූදානම් බව දැනුම් දුනි.

    එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

    ඒ අනුව අදාළ කරුණ මත මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි වගඋත්තර කරුවන් ගෙන් ලිඛිතව උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියම කළේය.

    එමෙන්ම නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හෙට දින දක්වා දීර්ඝ කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.