කල්පිටිය, පල්ලියවාසතුරෙයි ප්‍රදේශයේදී මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු පැහැරගත් කණ්ඩායමක සාමාජිකයකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනෙක් එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නවතා විමර්ශන කටයුතු සඳහා කොළඹ රැගෙන යන බව පවසමින් ඔහුව වෙනත් මෝටර් රථයකට නංවාගෙන තිබුණි.
කෙසේ වෙතත් අතරමගදී මෝටර් රථය නවත්වන්නැයි පොලිසිය අණ කර තිබුණත් එය නොනැවැත්වීම සම්බන්ධයෙන් සැක සිතූ ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් පැන වෙනත් වාහනයකින් ආණමඩුවට පැමිණ ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.