Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්
    Featured

    වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

    By LFNOctober 24, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

    පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබුණි.

    වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රදේශීය කාර්යාලවල ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බවට ඔවුන් විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා 05ක මිල දී ගත් වී තොග අතුරුදන් වී තිබු අතර එම තොගවල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බව වාර්තා වෙයි.

    ඒ අනුව තමාට වාර්තාවක් ලබාදෙන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් ලබා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ විමර්ශන අංශය හරහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 202600 Views

    නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස මිය ගොස්…

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.