Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 2025

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායල – හමාස් යුද ගැටුමට ජීවිතයෙන් වන්දි ගෙවන නොමේරු බිලිඳුන්
    Featured

    ඊශ්‍රායල – හමාස් යුද ගැටුමට ජීවිතයෙන් වන්දි ගෙවන නොමේරු බිලිඳුන්

    By LFNOctober 23, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල හමාස් යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට දින 16 ක් ගතව ඇත.

    ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුව ඇති මරණ ගණන 5,600කට අධිකයි.

    ඊශ්‍රායලය පලස්තීන වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර තවත් තීව්‍ර කරමින්, ගාසා තීරයට අමතරව බටහිර ඉවුර වෙතත් ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබේ.

    අඩ මසක කාලයක් තිස්සේ ජලය, ආහාර, විදුලිය සහ ඉන්ධන නොමැතිව හුදකලාව තිබූ ගාසා තීරය වෙත පළමු මානුෂීය ආධාර තොගය පසුගිය (21) යොමු කෙරුණි.

    ඒ ඊජිප්තුවේ රෆා දේශසීමා පිවිසුම විවෘත කිරීමෙන් අනතුරුවය.

    හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය, ගාසා තීරය වෙත විදුලි සැපයුම විසන්ධි කළේ මීට දෙසතියකට පමණ පෙරය.

    ඉන් අනතුරුව එහි රෝහල් හි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ගියේ ගබඩා කරගත් ඉන්ධන භාවිත කරමිනි.

    මෙම ඉන්ධන ද අවසන් වීමෙන් රෝහල්වල දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාමට නොහැකිව ඇත්තේ රෝගී බිලිඳුන් රැසකගේ ජීවිත අවදානමේ හෙලමිනි.

    ගාසා හි ෂිෆා රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ වත්මන් තත්ත්වය එහි වෛද්‍යවරියක් මෙලෙස පැහැදිලි කළාය.

    “අපි සතු ඉන්ධන ප්‍රමාණවත් වන්නේ පැය 8ක කාලයකට විතරයි. ඉන් පස්සේ උණුසුම නොමැතිව ඔවුන් හැමදෙනාම මියයයි. ඔවුන්ට ඔක්සිජන් අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිත රඳාපවතින්නේ විදුලිය මත. මේ යන්ත්‍ර මත. විදුලිය නැතිව මේ යන්ත්‍රය අක්‍රිය වෙනවා. අපිට කෑමක් නෑ. බෙහෙත් නැහැ. ජලය නැහැ. මෙය ඇත්තෙන්ම මුළු ලෝකයටම නින්දාවක්. මේ බිලිඳුන් තව පැය කිහිපයකින් මියයාවි.”

    මේ අතර ගාසා හි දෙමාපියන් සිය දරුවන්ගේ අත්වල ඔවුන්ගේ නම සටහන් කර ඇත.

    ඔවුන්ට මෙලෙස කටයුතු කිරීමට සිදුව ඇත්තේ යම් හෙයකින් දරුවන් මියගියහොත් මළසිරුරු හඳුනාගැනීම සඳහාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 2025

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,926 Views
    Don't Miss

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 20250122 Views

    රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි…

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025

    තුසිත හල්ලොලුවට ඇප

    June 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.