Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අහුංගල්ලේ දී වෙඩි වැදුණු පියාට සහ බිලිඳාට ශල්‍යකර්ම
    Featured

    අහුංගල්ලේ දී වෙඩි වැදුණු පියාට සහ බිලිඳාට ශල්‍යකර්ම

    By LFNOctober 22, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අහුංගල්ල පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අහුංගල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    අහුංගල්ල පොලිස් වසමේ ඊයේ (22) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ සිව්මස් හැවිරිදි දරුවෙකු තුවාල ලැබීය.

    අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර පාසල අසල දී එම වෙඩි තැබීම සිදු ව තිබුණේ, ඊයේ රාත්‍රී 07.30ට පමණය.

    යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකු ඉලක්ක කර ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු කර තිබේ.

    ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ කුරුඳු වත්තක සැඟ ව සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    වෙඩි තැබීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයා, කාන්තාව මෙන්ම ඔවුන්ගේ සිව්මස් හැවිරිදි දරුවාද තුවාල ලැබුව ද ඔවුන් නොනවත්වා යතුරු පැදිය නිවස වෙත ධාවනය කර තිබිණි.

    අනතුරු ව තුවාලකරුවන් තිදෙනාම ඇතුළත් කර ඇත්තේ, බලපිටිය මූලික රෝහලටයි.

    ප්‍රහාරයෙන් තුවාල ලැබු 32 හැවිරිදි දිනේෂ් ද සිල්වා, ඔහු ගේ බිරිඳ වන 28 හැවිරිදි ශානි මහේෂා සහ සිව්මස හැවිරිදි නෙහාන් නම් පිරිමි දරුවා අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

    වෙඩි වැදීමෙන් දිනේෂ් ද සිල්වා නැමැත්තා ගේ මුඛයට හානි සිදු වී ඇති අතර, සිව්මස් දරුවා ගේ පාදයකට හානි සිදු වී තිබිණි.

    ඒ අනුව ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, සැකකරුවන් ද වෙඩි තැබීමෙන් පසු පළා ගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.