Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 2025

    කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී

    December 23, 2025

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අහුංගල්ලේ දී වෙඩි වැදුණු පියාට සහ බිලිඳාට ශල්‍යකර්ම
    Featured

    අහුංගල්ලේ දී වෙඩි වැදුණු පියාට සහ බිලිඳාට ශල්‍යකර්ම

    By LFNOctober 22, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අහුංගල්ල පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අහුංගල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    අහුංගල්ල පොලිස් වසමේ ඊයේ (22) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ සිව්මස් හැවිරිදි දරුවෙකු තුවාල ලැබීය.

    අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර පාසල අසල දී එම වෙඩි තැබීම සිදු ව තිබුණේ, ඊයේ රාත්‍රී 07.30ට පමණය.

    යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකු ඉලක්ක කර ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු කර තිබේ.

    ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ කුරුඳු වත්තක සැඟ ව සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    වෙඩි තැබීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයා, කාන්තාව මෙන්ම ඔවුන්ගේ සිව්මස් හැවිරිදි දරුවාද තුවාල ලැබුව ද ඔවුන් නොනවත්වා යතුරු පැදිය නිවස වෙත ධාවනය කර තිබිණි.

    අනතුරු ව තුවාලකරුවන් තිදෙනාම ඇතුළත් කර ඇත්තේ, බලපිටිය මූලික රෝහලටයි.

    ප්‍රහාරයෙන් තුවාල ලැබු 32 හැවිරිදි දිනේෂ් ද සිල්වා, ඔහු ගේ බිරිඳ වන 28 හැවිරිදි ශානි මහේෂා සහ සිව්මස හැවිරිදි නෙහාන් නම් පිරිමි දරුවා අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

    වෙඩි වැදීමෙන් දිනේෂ් ද සිල්වා නැමැත්තා ගේ මුඛයට හානි සිදු වී ඇති අතර, සිව්මස් දරුවා ගේ පාදයකට හානි සිදු වී තිබිණි.

    ඒ අනුව ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, සැකකරුවන් ද වෙඩි තැබීමෙන් පසු පළා ගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 2025

    කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී

    December 23, 2025

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 20250120 Views

    කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා…

    කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී

    December 23, 2025

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

    December 23, 2025

    ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.