අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එකම පවුලේ මව, පියා සහ මාස 4ක් වයසැති දරුවෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් යතුරුපැදියකින් යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව වාර්තාවේ.
ත්රීරෝද රථයකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.