ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී ඊයේ (21) අලුයම සොයා ගැනුණි.
ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිවස තුළදීය.
ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඊයේ අලුයම 1.00 ට පමණ මෙය සිදුවී ඇති බවද වාර්තා වෙයි.
වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ප්‍රියංකර ද සිල්වා මහතා 42 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු මින් පෙර බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙනුත්, කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙනුත් කටයුතු කර තිබේ.
2021 වසරේ නොවැම්බර් 21 වනදා ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයට එක්වූ ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විශාල සේවයක් ඉටුකළ නිලධාරියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,
“මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමගම ආනාවරණය වුණා ඔහු පිස්තෝල අවියකින් වෙඩිතබාගෙන සියදිවි නසාගෙන තිබෙන බව. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.”