Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු නැගෙනහිර හර්තාලයට බහුතර දමිළ ජනතාවගේ විරෝධය
    Featured

    උතුරු නැගෙනහිර හර්තාලයට බහුතර දමිළ ජනතාවගේ විරෝධය

    By LFNOctober 20, 2023Updated:October 20, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (20) දින ආරම්භකර ඇති උතුරු නැගෙනහිර හර්තාලයට උතුරේ වැසියන්ගෙන් හර්තාල් කරුවන්ට දැඩි විරෝධතාවයක් එල්ලවී ඇති බවට වාර්තාවේ. මේ හර්තාලය සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි අදහස් පලකර ති‌බේ.

    “අද දින සිදුකරන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධව අපි මේ කතා කරන්නේ. මෙම හර්තාල් ව්‍යාපාරය 7, 8 දෙනෙකුගෙන් සමන්විත දමිළ ජාතික සන්ධානය විසින් සංවිධානය කර ඇත. මෙම හර්තාලය සංවිධානය කල අයවළුන්ගෙන් මම අහන්නට කැමතියි පවතින වාතාවරණයට අනුව සහ අපේ ළමුන්ගේ විභාග පවතින කාලසීමාවේ, අපේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවන ආකාරයට මෙම හර්තාලය සිදු කිරීම සුදුසු ද යන්න ඔවුන් හර්තාල් කරුවන්ගේන ප්‍රෂ්ණ කරයි.

    මෙම හර්තාලය සිදුකරන්නේ විනිසුරුවරයා හා කුරුඳුමලෙයි සිද්ධීන් සම්බන්ධ කරගෙනයි. නමුත් කුරුඳුමලෙයි හා විනිසුරුවරයා හට කීසිදු සම්බන්ධකමක් නැත. ඇත්තවශයෙන්ම මෙම විනිසුරුවරයා සාමාන්‍ය ජනතාවට සාධරණයක් ඉටුවන නීන්දුවක් ලබාදී පලා යන්නට තිබුනා. නමුත් මෙම විනිසුරුවරයා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය මෙවැනි හර්තාලය සිදුකරන්නේ විනිසුරුවරයා හට කාඩ් එක ලබාදීමට උත්සහ කරන්න බව අපි දකින්නේ. ඇත්තටම මේය වැරදි වැඩක්. එදිනෙදාට හම්බ කරගෙන කන බොන ජනතාව තමයි ගොඩාක් ඉන්නේ. ඒ අයවලුන් අද කුලි වැඩට ගොස් සවස හාල් කිලෝ එකක් සල්ලිවලට අරගෙන තමයි කන්න ඕනා. එවැනි තත්වයක් තමයි තිබෙන්නේ.

    මේ තත්වය තේරුම් ගන්නට බැරිව මෙම සන්ධානයේ අයවළුන් කටයුතු කර ඇත. ඒ අතර අත් පත්‍රිකාවකුත් සකස් කර බෙදා දී ඇත. එක් විනිසුරුවරයෙකු වෙනුවෙන් මෙලෙස හර්තාලයක් සිදුකරන අයවළුන් එදා අපේ මිනිස්සු මැරුණු කාලසීමාවේ එක උපවාසයක්වත් සිදු නොකල අයවළුන් තමයි මේ සන්ධානයේ සිටින්නේ. හොද දැනුමක් ඇති විමුක්ති කොටි සංවිධානයේ සිටි මේ ප්‍රදේශවල අයවළුන් නැද්ද. ඇයි මොවුන් එවැනි අයවළුන් හට අවස්ථාවක් දෙන්නේ නැත්තේ. මේ අයවළුන් පමණයි ඔවුන් මිය යන තෙක්ම බලතලවල රැදී සිටිය යුතුයි යන මතයේ රැදී සිටී.

    තරුණ පරපුරට අවස්ථාවක් දෙන්නේ නැත. තරුණ පරපුර හසුරවා වැඩක් ගන්න දන්නැති අයවළුන් තමයි මෙම සන්ධානයේ සිටින්නේ. මෙම සන්ධානගතවි සිටින 8 දෙනා අතර හා විනිසුරුවරයා අතර සම්බන්ධකමක් තිබෙනවා කියලා මම හිතනවා. නැත්නම් මෙයාලට විනිසුරුවරයා වෙනුවෙන් හර්තාලයක් සිදුකරන්න ඇති අවශ්‍යතාවය කුමක්ද? මම නැවතත් ඉල්ලා සිටින්නේ අපේ දරුවන් හට ඉගනගන්න දෙන්න. අපේ කාලය ඉවරයි. අප දැන් වයසයි. ළමයෙක් එක් දවසකට පාසලට ගිය නැත්නම් කොතරම් පාඩුවක් සිදුවේද? කිසිවෙකුට අයිතියක් නැත. ළමයෙකුට පාසලට එන්න එපා කියන්න. රජය විසින් ගුරුවරුන් හට වැටුප් ගෙවනවා. ඒ නිසි විශ්වාසය තබා උගන්වන්න. ඔවුන්ට නිවැරදි මගක් පෙන්වන්න. දේශපාලනය වෙනුවෙන් ළමුන්ගේ ජීවිතයෙන් පළිගන්න එපා.

    සන්ධානයටත් මම කියන්නේ. ඔබටත් ඉන්න බැරිනම් ඔබත් විදේශගත වෙන්න. ඔබට කාඩ් අරන් දෙන්න අපි විරෝධතාවයක් සිදු කරන්නම්. මෙවැනි ද්‍රෝහි ක්‍රියාවන් සිදු නොකරන ලෙස උතුරු නැගෙනහිර හර්තාල් කරුවන්ගෙන් ඉල්ලා සිටින බවට වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.