Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක්
    Featured

    ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක්

    By LFNOctober 12, 2023No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (11) සඳහන් කළේය.

    මේ අතර, දින 05ක් තිස්සේ පැවති ගාසා තීරයේ ගැටුම්වලින් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    ස්වාධීන වාර්තා අනාවරණ කරන්නේ, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කරමින් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

    මේ අතර, ගාසා සීමාව ආසන්නයේ පිහිටි, පසුගියදා සෙනසුරාදා හමාස් ප්‍රහාරවලින් වැඩි හානියකට ලක්වූ අෂ්කලෝන් නගරයට නැවතත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

    ඒ, මිනිත්තු 90ක් තුළ නගර වැසියන් සියලු දෙනාට ඉන් පිට ව යන ලෙස හමාස් සංවිධානය කළ තර්ජනයෙන් පසුවයි.

    හමාස් සටන්කරුවන් ඊශ්‍රායල ගම්මාන වෙත කඩාවැදුණු ආකාරය විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි.

    වෙඩි තැබීම්වලින් එහි බිළිඳුන් ඇතුළු වැසියන් 100කට වැඩි පිරිසක් මියගියහ.

    එමෙන්ම මිනිසුන් සිය ගණනක් ඝාතනයට ලක්වූ ගාසා තීරය මායිමේ පිහිටි කාර් ආසා ජනාවාසය වෙත ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි ව තිබිණි.

    ”අපි ඉන්නේ කාර් අසාර් ජනාවාසය තුළ. ඔවුන් මියගිය ඊශ්‍රායල ජාතිකයන් ගේ මළසිරුරු ඉවත්කිරීම සිදු කරනවා. මෙහි තිබී බිළිඳුන් 40 දෙනෙකු ගේ සිරුරු සොයාගත් බව එක් හමුදා ප්‍රධානියෙක් පැවසුවා. ඔහු කිව්වේ මේ තරම් කෘෘර දෙයක් තමන් කිසිදාක දැක නැති බවයි. මෙය යුද පිටියක් නෙමෙයි. මේ යුද වැදුණු සෙබළු නෙමෙයි. ඔවුන් ත්‍රස්තවාදීන්”
    – නිකොල් සෙඩෙක් – i24NEWS වාර්තාකාරිය –

    මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අමතා ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳ තොරතුරු පවසන වීඩියෝවක් විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

    ”ජෝ, මට අවශ්‍යයි ඔබට අපි මුහුණ දීලා තියෙන අසීරු තත්ත්වය ගැන පැහැදිලි තොරතුරු ඔබට කියන්න. අපිට සමූල ඝාතන රැසකට මුහුණ දෙන්න සිදු වුණා. ඇතැම් පවුල් ඝාතනය කර තිබුණේ ඔවුන්ගේ ඇඳේදිමයි. කාන්තාවන් දූෂණය කර අමානුෂික ලෙස මරා දැමුණා. ළමුන් ද ඇතුළුව සිය ගණනක් පැහැරගෙන. ඉතිහාසයේ කවදාවත් මෙවැනි දෙයක් අපි අත්දැකලා නැහැ. ඔවුන් ISIS ත්‍රස්තවාදීන්ටත් වඩා දරුණුයි. අපිට ඕනේ ඔවුන්ටත් ඒ ආකාරයෙන්ම සලකන්න”
    – බෙන්ජමින් නෙතෙන්යාහු –

    මේ වනවිට ගාසා තීරයේ ප්‍රහාරවලින් මියගොස් ඇති පලස්තීන වැසියන් ගණන දහස ඉක්මවා තිබේ.

    එහි සේවයේ නියුක්ත ගිලන් රථ පවා ඊශ්‍රායල ප්‍රහාරවලට ලක්වූ බව වාර්තා වේ.

    යුද්ධයක් අතරතුර සේවයේ නිරත සෞඛ්‍ය සේවකයන් ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ සැලකෙන්නේ යුද අපරාධයක් ලෙසයි.

    එමෙන්ම ප්‍රහාරවලින් අවතැන් වූ පිරිස 260,000කට අධික බව සඳහන්ය.

    ”ගෙවුණු දින කිහිපයේ දි මං ලැබුවේ කිසිදා නොලැබූ අත්දැකීමක්. මං ඉන්නේ ගේ ඇතුළේ. අපිට හුස්ම ගන්න බැහැ. පිටත පේන්නේ මෙහෙම. මම යාලුවෙක්ගෙ ගෙදර ගියා. බෝම්බ හෙලන නිසා අපිට එලියට බැහැල යන්න කිව්වා. අපි කොහේ කියලා යන්නද”
    – ප්ලෙස්ටියා අලකාඩ් – ගාසා මාධ්‍යවේදී

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.