Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට එරෙහි පාස්කු නඩු විභාගය ඇරඹෙයි
    Featured

    නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට එරෙහි පාස්කු නඩු විභාගය ඇරඹෙයි

    By LFNOctober 11, 2023No Comments3 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පළමුවරට ආරම්භ කෙරුණි.

    ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

    2019 වර්ෂයේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සහ සමීප සම්බන්ධතා පැවැත්වූවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකෙරුණු නඩුව මුල්වරට කැඳවනු ලැබුවේ 2021 වසරේ ඔක්තෝම්බර් 04 වනදාය.

    එතැන් පටන් මේ දක්වා නඩු විභාගයට අවශ්‍ය අධිචෝදනා පත්‍ර වින්දිතයින්ට ලබාදීම්, වින්දිතයන්ට අධිචෝදනා කියවාදීම් වැනි මූලික කටයුතු සිදුකෙරුණු අතර අද නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි සාක්ෂි විභාගය පළමුවරට ආරම්භ කළේය.

    ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

    නඩු විභාගය ආරම්භයේදී පැමිණිල්ල වෙනුවෙන් ආරම්භක දේශනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුවේ 17 වන විත්තිකරු මියගොස් ඇති බැවින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පවත්වන බවයි.

    එමෙන්ම මෙම නඩුව මෙරට අපරාධ නඩු ඉතිහාසයේ වැඩිම චෝදනා ගණනක් අන්තර්ගත නඩුව වශයෙන් වාර්තාගත වන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ මෙරට, ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වූ ආකාරය, කණ්ඩායම් වශයෙන් එම කටයුතු සංවිධානය වූ ආකාරය සහ පුපුරණ ද්‍රව්‍ය රැස් කළ ආකාරය, සීසීටීවී දර්ශන ඇතුළු පරිවේශනීය සාක්ෂි ද ඉදිරිපත් කරන බවයි.

    අනතුරුව නඩු විභාගය අරඹමින් පළමු සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙනු ලැබුවේ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නැමැති නිලධාරිනියයි.

    පිපිරීම සිදු වූ දා පෙරවරු හයට පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ තිබෙන අවන්හලට සේවයට වාර්තා කළ බවත්, එදින පෙරවරුවේ “ඊස්ටර් බ්‍රන්ච්” යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් සංවිධානය කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් සඳහන් කළාය.

    තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩිකරන අවස්ථාවේදී අවන්හලේ සී සහ ඩී කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදු වූ බවත්, පිපිරීමෙන් පසු අවන්හල තුළ දැඩි අන්ධකාරක් පැවති අවස්ථාවේ තමා සී කොටස කරා යමින් සිටියදී දෙවන බෝම්බය පිපිරී ගිය බව ද ඇය සාක්ෂි දෙමින් කියා සිටියාය.

    පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව පැවසු සාක්ෂිකාරිය පිපිරීම්වලින් තම හිසටද තුවාල සිදුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බව පැවසුවාය.

    ඉන්පසුව විමර්ශන නිලධාරීන් පැමිණ ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බව කී සාක්ෂිකාරිය එහි එක් පුද්ගලයෙකු සහරාන් හෂිම් බව හඳුනාගත් බව සඳහන් කළාය.

    ඇය වැඩිදුරටත් කියා සිටියේ සහරාන් නැමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවයි.

    වැඩිදුර සාක්ෂි විමසීම හෙට දින තෙක් කල් තැබුණා.

    ව්‍යාජ ස්ටිකර සහිත බෝතල් හමුවු මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිඟ බදු මුදල් ඔක්තෝබර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකළහොත් අදාළ සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසනවා.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවු අවස්ථාවේදී මේ පිළිබඳ සඳහන් කෙරුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.