Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට පැමිණීමට චීන නෞකාවට අවසර
    Featured

    ශ්‍රී ලංකාවට පැමිණීමට චීන නෞකාවට අවසර

    By LFNOctober 10, 2023No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනයේ “Shi Yan 6” නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මාසය තුළ අදාළ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බවය.

    ටීවි දෙරණ ඔස්සේ ඊයේ (09) රාත්‍රියේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ප්‍රශ්නය – “Shi Yan 6” නෞකාවට ලංකාවට එන්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල අවසරය මේ වෙනකොට ලැබිලා ද තියෙන්නේ ?

    “ඔවුන් අපෙන් අවසරය ඉල්ලුවා ඔක්තෝබර් මාසයේ දී එන්න. අපි කියලා තියෙන්නේ ඔවුන්ට නොවැම්බර් මාසයේ එන්න කියලා. ඊට පස්සේ ඔවුන් නැවත ඉල්ලලා තියෙනවා ඔක්තෝබර් අවසානයේ එන්න. නමුත් අපි මුල් ස්ථාවරයේම තමා ඉන්නේ.”

    ප්‍රශ්නය – ඔබතුමන්ලාට පුළුවන්ද ඔක්තෝබර් එන්න ඇහුවහම නොවැම්බර්වල එන්න…එහෙම කේවල් කරන්න පුළුවන් ?

    “චීනය ඉතාමත්ම වැදගත්. චීනය සමග ඉතාමත්ම වැදගත් සම්බන්ධතා රාශියක් තියෙනවා. නමුත් ඒහා සමානවම අපේ රටේ කරගන්න තියෙන දේවලුත් තියෙනවා. ඒ සියල්ල එක්ක අපි කියලා තියෙනවා එන්න ඕන කාලය. මේක ඉතා සරල කවුරු හරි ඇවිත් යන ගමනක් නෙමෙයි. ඒ කාලය තුළ සම්පූර්ණයෙන්ම මේ සඳහා මුහුණදීමට ලෑස්තිවෙලා ඉන්න ඕනේ. අපි සියලු සම්පත් ඒ සඳහා යෙදීමට හැකියාව තියෙනවා. අභ්‍යන්තර කරුණු බලලා තමා අපි දිනයක් දීලා තියෙන්නේ. නිදහස් රටක් හැටියට අපිට කියන්න පුළුවන් මොන කාලයේ දීද එන්න පුළුවන්ද ? බැරිද කියලා. එකඟවෙලා තමා ඒ කාර්ය කරන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.