Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»පන්තියේ රැඳී නොසිටියොත් විභාගෙට ලකුණු නෑ -අධ්‍යාපන ඇමති
    Political

    පන්තියේ රැඳී නොසිටියොත් විභාගෙට ලකුණු නෑ -අධ්‍යාපන ඇමති

    By LFNOctober 9, 2023No Comments3 Mins Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තුළ රැඳීසිටීම අනිවාර්ය වන අතර සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව සිසුන්ට විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරයි.

    නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් වෙමිනි.

    අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම කෙසේ වත් ප්‍රායෝගික නොවන බව ද කීය.

    ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබා ගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්ත්වයක් නොවන බව කී අමාත්‍යවරයා වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන්කිරීමට සිදුවීමේ ඛේදනීය තත්ත්වය වහා ම වළක්වාගත යුතු බවත් එසේ නොවුණහොත් ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කළේ ය.

    ලොව කිසිදු රටක මෙවන් තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් මෙරට පූර්ව ළමා අවධි අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා සංකල්ප හා නිර්ණායක ද මුළුමනින් ම වෙනස් කළ යුතු මට්ටමක පවත්නා බවත් එය ද පූර්ණ පරිවර්තනයකට ලක් කළ යුතු බවත් හෙතෙම මෙහිදී පැවසී ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු කඩයිම් ලකුණට ඉහළින් ලකුණු ලබාගැනීම නොවන බවත් එම කඩයිම් ලකුණ තීරණය කෙරෙන්නේ රජයට වසරකට සිසුන්ට ලබා දිය හැකි ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණය මත නිසා තව දුරටත් ප්‍රතිපාදන වැඩි කළ හැකි නම් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තවදුරටත් අඩු වන බවත් ය.

    එබැවින් එම ලකුණු මත දරුවන් මැනීම සාධාරණ නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථා ලබාදීම සඳහා පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව විභාගයට දැනට එම පාසල්වල සිටින දරුවන් යොමු කරවීම ඵලරහිත ක්‍රියාවක් බවත් එමඟින් දැනටමත් පවත්නා අනවරත විභාග තරගකාරිත්වය තව දුරටත් උත්සන්න වීම සිදුවන බවත් කීය.

    එමෙන් ම ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ලබන වසර තුළ අතපසු වූ සියලු‍ විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බව ද ඊට අදාළ ව නිවාඩු කාලය අඩු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.