Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අවසන් කැමැත්ත
    Featured

    ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අවසන් කැමැත්ත

    By LFNOctober 9, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) එම මරණය හේතු සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත නියෝග කළේය.

    අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී මියගිය අයගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බව සඳහන් කළේය.

    යම් හෙයකින් මරණකරුගේ ශරීරය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි “චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්” නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

    මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, එම ඉල්ලීමට අදාළව පවුලේ සාමාජිකයින්ගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඒ ඔස්සේ කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

    එමෙන්ම මරණකරුගේ මෘතදේහය තවදුරටත් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වන්නේ ද? එය ආදාහනය කිරීමට අවසර දිය හැකි ද? යන කරුණු පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් එම මරණයට හේතු සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාට නියම කළාය.

    මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය මුදාහරින තුරු ඔහුගේ මරණයට හේතුව දැක්වෙන වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවට විද්වත් පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් අධිකරණයට දැනුම් දී ඇති බවය.

    ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයේ යළි ලබන 16 වනදා කැඳවීමටද දින නියම කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.