Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අවසන් කැමැත්ත
    Featured

    ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අවසන් කැමැත්ත

    By LFNOctober 9, 2023No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) එම මරණය හේතු සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත නියෝග කළේය.

    අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී මියගිය අයගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බව සඳහන් කළේය.

    යම් හෙයකින් මරණකරුගේ ශරීරය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි “චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්” නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

    මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, එම ඉල්ලීමට අදාළව පවුලේ සාමාජිකයින්ගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඒ ඔස්සේ කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

    එමෙන්ම මරණකරුගේ මෘතදේහය තවදුරටත් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වන්නේ ද? එය ආදාහනය කිරීමට අවසර දිය හැකි ද? යන කරුණු පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් එම මරණයට හේතු සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාට නියම කළාය.

    මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය මුදාහරින තුරු ඔහුගේ මරණයට හේතුව දැක්වෙන වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවට විද්වත් පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් අධිකරණයට දැනුම් දී ඇති බවය.

    ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයේ යළි ලබන 16 වනදා කැඳවීමටද දින නියම කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.