Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට වෙඩි ප්‍රහාරයක් – තවත් අයෙක් අතුරුදන්
    Featured

    ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට වෙඩි ප්‍රහාරයක් – තවත් අයෙක් අතුරුදන්

    By LFNOctober 9, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද තුවාල ලබා ඇති අතර තවත් ශ්‍රිලාංකිකයෙකු අතුරුදන් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය.

    එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් බණ්ඩාර මහතා,

    “දකුණු කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තියෙන්නේ. ඔහු සංචාරක හෝටලයක සේවකයෙක්. ඔහුගේ බඩට සහ අතට වෙඩි වැදි තිබෙනවා. ඔහුව රෝහල් ගත කළා. ඔහුගේ තත්ත්වය වඩාත්ම බරපතළ නෑ. තවත් තොරතුරක් වාර්තා වුණා ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳව. ඔහු පිළිබඳ තොරතුරක් ලබා ගත නොහැකි වුණොත් රතු කුරුස සංවිධානයට තොරතුරු ලබා දෙනවා.”

    මේ අතර ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකි බවය.

    එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද ඒ මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.