Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට වෙඩි ප්‍රහාරයක් – තවත් අයෙක් අතුරුදන්
    Featured

    ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට වෙඩි ප්‍රහාරයක් – තවත් අයෙක් අතුරුදන්

    By LFNOctober 9, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද තුවාල ලබා ඇති අතර තවත් ශ්‍රිලාංකිකයෙකු අතුරුදන් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය.

    එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් බණ්ඩාර මහතා,

    “දකුණු කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තියෙන්නේ. ඔහු සංචාරක හෝටලයක සේවකයෙක්. ඔහුගේ බඩට සහ අතට වෙඩි වැදි තිබෙනවා. ඔහුව රෝහල් ගත කළා. ඔහුගේ තත්ත්වය වඩාත්ම බරපතළ නෑ. තවත් තොරතුරක් වාර්තා වුණා ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳව. ඔහු පිළිබඳ තොරතුරක් ලබා ගත නොහැකි වුණොත් රතු කුරුස සංවිධානයට තොරතුරු ලබා දෙනවා.”

    මේ අතර ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකි බවය.

    එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද ඒ මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.