Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»මින් ඉදිරියට කටවුට් එපා -ජනපති
    Political

    මින් ඉදිරියට කටවුට් එපා -ජනපති

    By LFNOctober 8, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වලට සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

    එසේම සෑම පෝස්ටරයකම තම තමන්ගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය.

    අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය රට අගාධයට ඇද දැමු බව ද සඳහන් කළේය.

    එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.

    මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ (07) සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

    March 19, 2026

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.