ඇල්පිටිය ප්‍රදේශයේ දී හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්ය.
සැකකරුවන් දෙදෙනා යමෙකුට වෙඩි තැබීම සඳහා සූදානම් ව සිට ඇති බව පොලීසිය වාර්තා කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතු ව තිබී පිස්තෝලයක්, මිලිමීටර් 10 පතොරම් 10ක්, ව්‍යාජ අංක තහඩු සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.